Skip to content

ලංකාව ආක්‍රමණයට ඇමරිකන් ගුවන් හමුදාව සැරසෙයි ද?

August 12, 2011

ලංකා ගුවන් පථය ඇමරිකන් ගුවන් හමුදාව විසින් ආක්‍රමණය කර ඇතැයි යන ප්‍රවෘත්තිය ශ්‍රී ලාංකික ගුවන් හමුදාව විසින් නිරාවරණය කිරීමත් සමග ලංකාවට එරෙහි ඇමරිකන් කුමන්ත්‍රණයක් තිබේ යයි දේශප්‍රේමීන් තුළ තිබූ සැකය තහවුරුව ඇතැයි විමල් වීරවංශ සහෝදරයා හෙට අනිද්දා දිනක ජාතිය අමතා කියන්නට නියමිත බව සැක කටයුතු ආරංචි මාර්ගයක් අප වෙත වාර්ථා කර තිබේ.

ලංකාව ආශ්චර්යය කරා වේගයෙන් පා නගද්දී ඇමරිකාව ණය ගොහොරුවක හිරවී සිටීම දරා ගැනීමට නොහැකිව මේ ආක්‍රමණය සංවිධානය කරන්නට සැළැසුම් කරන්නට ඇතැයි විමල්ට දැනගන්නට ලැබී ඇත්තේ ඇමරිකාවේ පුරවැසි භාවය ලබා ගෙන සිටින ශ්‍රී ලාංකික දේශප්‍රේමීයෙකුගෙනි.

මේ සම්බන්ධයෙන් ඉක්මණින් සූදානම් වීමේ අවශ්‍යතාවය තදින් දැනී ඇති නිසාම ප්‍රහාරක ගුවන් යානාවල මදි පාඩුව ගැන සළකා නාථ දෙවියන් කැදවීම හැර වෙන මගක් නැතැයි නලින් ද සිල්වා මහතා කියා ඇත.

මේ අතර රතන හිමියන් කියන්නේ එහෙම කරොත් උන් තොලොංචි වන්නට ගම්මිරිස් අඹරන්නට නැවතත් සීනිගම යන්නට තමන්ට සිදුවනු ඇති බව ය.

තිස්තුන් කෝටියක් දෙවි දෙවතාවුන් වහන්සේලාගෙන් මුකුත් කරගන්නට මේ වෙලාවේවත් බැරිදැයි සිමියොන් උපාසක රාළ පන්සලේ හාමුදුරුවන්ගෙන් අසා ඇති බව ද අපට මේ අතර වාර්ථා වෙයි.

විශ්ව ශක්තිය හරියට කැදවූවොත් ඇමරිකාවට රිඹ යන්නට දෙතෑකි යයි විශ්ව ශක්ති හිමියන් මේ අතර කියා තිබේ.

එහෙම බලාගෙන ගියහම මොකා කුමන්ත්‍රණ කළත් අපට බය වෙන්නට දෙයක් නැත.

From → Uncategorized

One Comment
  1. ඔව් ඔව් බය වෙන්න දෙයක් නැහැ. ඒත් තාම යන්නේ හතර වටේට වට කොරන්. දැන් පාරෙ යනකොට උඩිනුත් ආරක්ෂාව දන්න වෙයිද දන්නෙ නැහැ. මොකද ඇමරිකන් ද්‍රෝහියා එන්නේ උඩින් නොවැ.

Leave a comment